සිංහල  යුනිකේත භාවිතය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන විමසුම් කිහිපයක්

සිංහල  යුනිකේත භාවිතය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන විමසුම් කිහිපයක්

තීක්ෂණ R&D ආයතනය, ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි

හැදින්වීම

තීක්ෂණ R&D ආයතනය, ලංකා වසම් අධිකාරිය සමඟ එක්ව ශ්‍රී ලාංකික ජනතාවට සිංහල සහ දෙමළ යුනිකෝඩ් භාවිත කිරීමේදී තාක්ෂණික ගැටලු සදහා උපකාර ලබාගැනීම සඳහා දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය පිහිටුවා ඇත. සිංහල සහ දමිළ භාෂා පරිශීලකයින්ට අපගේ ක්ෂණික ඇමතුම් අංකය හෝ විද්‍යුත් තැපෑල හරහා තාක්ෂණික උපකාර මධ්‍යස්ථානය වෙත ළඟා විය හැක. පසුගිය වසර කිහිපය තුළ සිංහල යුනිකේතභාවිතය සම්බන්ධයෙන් බොහෝ විමසීම් එයට ලැබී ඇත.

මෙම ලිපියෙන් අපි සිංහල යුනිකේතසම්බන්ධයෙන් නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු.

විමසුම් සහ පිළිතුරු

  • සිංහල “ර්” අක්ෂරය සමඟ අනෙකුත් අක්ෂර ස්ථාන මාරු වීම: MS Office සහ වෙබ් බ්‍රව්සර් (web browser) සඳහා

“ර්” අක්ෂරය සිංහල වචන සමඟ ටයිප් කරන විට, “ර්” අක්ෂරය එහි දකුණට ඇති ඕනෑම අක්ෂරයක් සමඟ ස්ථාන මාරු වීම සිදු වෙයි. උදාහරණයක් ලෙස දෙපාර්තමේන්තුව වචනය දෙපාතර්මේන්තුව ලෙස පෙන්වයි. තවද, වෙබ් බ්‍රව්සර් වල, මෙම ආකාරයට  “ර්”  අක්ෂරය භාවිතා  වන වචන වැරදි ලෙස පෙන්වයි. උදාහරණයක් ලෙස වර්ග වචනය වගර් ලෙස පෙන්වයි.

මෙම ගැටළුව විසඳීම සඳහා, ඔබට ඔබේ පරිගණකයේ නවතම Iskoola Pota අනුවාදය ස්ථාපනය කළ හැකිය. Iskoola Pota හි නවතම අනුවාදය ස්ථාපනය කිරීමේ විස්තරය සහ මෙම ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය අනෙකුත් පියවර බැලීමට helpcenter.lk වෙබ් අඩවියේ පහත ලිපි සබැඳිය බලන්න.

  • විවිධ සිංහල යුනිකේත අක්ෂර වර්ග පිළිබඳව

බොහෝ පරිශීලකයින්  විසින් Iskoola Pota හැරුණු විට භාවිතා කිරීමට ඇති අනෙකුත් සිංහල යුනිකේතඅක්ෂරවර්ග පිළිබඳව විමසා ඇත. භාෂිත ෆොන්ට් ෆැමිලි (Bhashitha Font Family), දිනමිණ යුනිවෙබ් (Dinamina UniWeb), සරසවි යුනිකෝඩ් ෆොන්ට් (Sarasavi Unicode Font), මලිතිවෙබ් (MalithiWeb), වර්ණ (WARNA), සහ තවත් බොහෝ සිංහල යුනිකේත  අක්ෂර එකතුවක් භාවිතය සඳහා තිබේ.

තවද, Chemmozhi සහ SriTamil ෆොන්ට් ෆැමිලි වැනි දෙමළ යුනිකේතඅක්ෂර කිහිපයක් භාවිතය සඳහා තිබේ. මෙම යුනිකේතඅක්ෂර බාගත කිරීම සඳහා, language.lk වෙබ් අඩවියේ පහත සබැඳිය බලන්න.

  • සිංහල සංයුක්ත අක්ෂර, ස්පර්ශ අකුරු සහ සඤ්ඤක අක්ෂර යතුරු ලියනය කිරීම

තවද  පරිශීලකයන් අසන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සිංහල “සංයුක්ත අක්ෂර”, “ස්පර්ශක අක්ෂර” සහ “සඤ්ඤක අක්ෂර” යතුරු ලියනය කරන ආකාරය පිළිබඳවයි. අපගේ දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානයේ යූ ටියුබ් නාලිකාව මගින් මෙම අක්ෂර යතුරු ලියනය කිරීම පිළිබඳ වීඩියෝ කිහිපයක් Iskoola Pota අක්ෂර භාවිතයෙන් සපයයි. ඒ සඳහා අවශ්‍ය වීඩියෝ සබැඳි  පිළිවෙළින් පහත දැක්වේ.

ගූගල් ආදාන ක්‍රම භාවිතා කිරීම

දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානයට ලැබුණු තවත් ප්‍රධාන ගැටළුවක් වන්නේ සිංහල යතුරු ලියනය කිරීම සඳහා ගූගල් ආදාන ක්‍රම භාවිතා කිරීමයි. සිංහල භාෂාව යතුරු ලියනය කිරීමේදී ගූගල් ආදාන ක්‍රම භාවිතා කිරීමේ විවිධ ක්‍රම තිබේ. ගූගල් වොයිස් ටයිපින්  (Google Voice Typing) සහ ගූගල් ආදාන මෙවලම්  (Google Input Tools) ප්‍රධාන උදාහරණ වේ. මෙම ක්‍රම සිංහල යතුරු ලියනය කිරීමේදී භාවිතා කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කරන වීඩියෝ අප සතුව ඇත.

ජංගම දුරකථන වල සිංහල භාවිතා කිරීම

මෙයද සිංහල යුනිකේතභාවිතා කරන්නන් අසන තවත් ප්‍රධාන ගැටළුවකි. මෙම ලිපියෙන් අපි ජංගම දුරකථන සහ  උපාංග වල සිංහල භාවිතා කරන ක්‍රම කිහිපයක් විස්තර කර ඇත. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා, පරිශීලකයින්ට සිංහල යතුරු ලියනය කිරීමට සහය දක්වන “සැම්සුන් යතුරුපුවරුව” භාවිතා කළ හැකිය. තවද, “හෙලකුරු” ජංගම යෙදුම ස්ථාපනය කිරීමෙන් ඔබට පහසුවෙන් සිංහල අක්ෂර යතුරු ලියනය කළ හැකිය. මෙම ක්‍රම දෙකම හඬ ටයිප් කිරීමට(voice typing) පහසුකම් සපයයි.

මෙහිදී අප පහතින් ජංගම උපාංගවල මෙම ක්‍රම භාවිතා කිරීම සහ ස්ථාපනය කිරීම විස්තර කරන ලිපි සබැඳියක් ලබා දී ඇත.