- පළමුව, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ සෙවුම් තීරුවේ “language settings” යනුවෙන් යතුරු ලියනය කරන්න.
- මීළඟට “Time & Language” වෙත ගොස් “Language” ටැබ් එක ක්ලික් කරන්න.
- ඉන්පසුව “Add a language” මත ක්ලික් කරන්න.
- ඊළඟට, සිංහල භාෂාව (Sinhala) යනුවෙන් යතුරු ලියනය කරන්න.
- ඉන්පසුව, සිංහල භාෂාව තෝරා Next ක්ලික් කරන්න.
- ඊළඟට, “Install language pack” මත ක්ලික් කර “Install” මත ක්ලික් කරන්න.
- ඊළඟට, “Preferred languages” යටතේ සිංහල භාෂාව තෝරාගෙන “Options” මත ක්ලික් කරන්න.
- එවිට ඔබේ පරිගණකයේ භාෂා ඇසුරුම (language pack) ස්ථාපනය වී ඇති ආකාරය ඔබට දැක ගත හැකිය.
- භාෂා ඇසුරුම සම්පූර්ණයෙන්ම ස්ථාපනය කිරීමෙන් පසුව, පරිගණකයේ පහල ඇති කාර්ය තීරුවේ සිංහල භාෂාව දිස්වේ. එවිට ඔබට සිංහලෙන් යතුරු ලියනය කළ හැක.
මේ සදහා ඔබට පහත වීඩියෝ සබැඳිය භාවිතා කල හැකිය. මෙම වීඩියෝව අපගේ “දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය” YouTube නාලිකාවේ ඇත. https://www.youtube.com/watch?v=9aOY-RGErGQ
- පළමුව https://www.openoffice.org/download/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
- ඉන්පසු මෙහෙයුම් පද්ධතිය ලෙස වින්ඩෝස්(EXE) () ලෙස තෝරා සම්පූර්ණ ස්ථාපනයම භාගත කර ගන්න.
- ඒ සමගම භාෂා ඇසුරුම ද භාගත කර ගන්න.
- ඉන්පසු භාගත කර ඇති .exe ගොනුව ඔබේ පරිගණකයේ ධාවනය කර ස්ථාපනය කරන්න.
සඤ්ඤක අක්ෂර යතුරු ලියනය කරන ආකාරය සදහා පහත වීඩියෝ සබැඳිය අනුගමනය කරන්න. මෙම වීඩියෝව අපගේ “දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය” YouTube නාලිකාවේ ඇත. https://www.youtube.com/watch?v=BtVpOtRv4Zw
බැඳී අක්ෂර යතුරු ලියනය කරන ආකාරය සදහා පහත වීඩියෝ සබැඳිය අනුගමනය කරන්න. මෙම වීඩියෝව අපගේ “දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය” YouTube නාලිකාවේ ඇත.
ඔබගේ යුනිකේත වැඩසටහන කුමක් වුවත්, මෙහෙයුම් පද්ධතිය කුමක් වුවත්, භාෂාව කුමක් වුවත්, සෑම අකුරකටම (every character) අනන්‍ය අංකයක් යුනිකේත සපයයි. එය සියලුම නවීන මෘදුකාංග සපයන්නන් විසින් සම්මත කර ඇති අතර, එමඟින් බාධාවකින් තොරව විවිධ මෙහෙයුම් පද්ධතිය, උපාංග සහ යෙදුම් හරහා දත්ත ප්‍රවාහනය කිරීමට ඉඩ සලසයි.
- මුලින්ම අන්තර්ජාලයේ “Iskoola Pota” යනුවෙන් සෙවුම් කර බලන්න.
- ඉන්පසුව අදාල ගොනුව භාගත කර ගෙන ඔබේ පරිගණකයට ස්ථාපනය කරන්න.
- ඉන්පසුව, MS word හි, “Font” යටතේ, “Iskoola Pota” යනුවෙන් සෙවුම් කර එය තෝරා ගන්න. දැන් ඔබට සිංහල භාෂාවෙන් යතුරු ලියනය කිරීමට “Iskoola Pota” භාවිතා කළ හැකිය.
මෙම ගැටලුව විසඳීමට ඔබ යුනිකේත අකුරු වර්ගයක් භාවිත කල යුතුයි. පළමුව, ඔබ සම්පූර්ණ ලේඛනය තෝරාගෙන “Iskoola Pota” වැනි යුනිකේත(Unicode) අකුරු වර්ගයක් තෝරා ගන්න. එවිට ඉහත සදහන් කරන ලද ගැටලුව ඉවත් වනු ඇත.
ඇන්ඩ්‍රොයිඩ් (android) දුරකථන වල සියලුම අනුවාද සිංහල භාෂාවට සහය දක්වයි.
Reach Us On
- Location – 30/64, Malalasekera Mw, Colombo 007.
- Hot Line – +94-117-024-957
- Email Us – info@helpcentre.lk
Latest Posts
-
12 Sep 2025The recent work on Internationalized Domain Names (IDNs)in South and East Asian Scripts and especially in Sinhala
-
02 Sep 2025Presentation on Indian Brahmi Numerals (Journey through time Searching for the Zero (Contd.)) By Harsha Wijayawardhana (BSc., CITP, FBCS) COO / CTO Theekshana R&D Chair, Local Language Working Group (LLWG) of ICTA An Internet and Sinhala Unicode Pioneer
-
21 Aug 2025Brahmi and Pocket Watch Explanation by Harsha Wijayawardhana
-
21 Aug 2025Journey through time Searching for the Zero