ලංකා වසම් අධිකාරිය විසින් අනුග්‍රහය දක්වන දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන සිංහල යුනිකේත ගුවන් විදුලි වැඩසටහන් වල වීඩියෝ පහත දැක්වේ.
සිංහල යුනිකේත පිළිබඳ තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. - ඒ සඳහා මෙම සබැඳිය මත ක්ලික් කරන්න.
ග්‍රාමීය ප්‍රජාවන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සඳහා ගුවන්විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයන් භාවිතා කිරීම වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ඉහළම ආයතනය වූ තොරතුරු තාක්‍ෂණ කවුන්සිලයේ (CINTEC) සභාපති දිවංගත මහාචාර්ය V. K. සමරනායක මහතා මුලිකත්වය ගෙන කටයුතු කලේය. දිවංගත මහාචාර්ය V. K. සමරනායක මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලේ (UCSC) සහ තීක්ෂණ R & D ආයතනයේද නිර්මාතෘවරයා විය. 1997 දී CINTEC ආයතනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ එක්ව ඉංග්‍රීසියෙන් “අන්තර්ජාල සම්පත් භාවිතය” නමින් ගුවන්විදුලි වැඩසටහනක් නිෂ්පාදනය කරන ලදී. මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා CINTEC ආයතනය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනයේ අන්තර්ජාලය සම්බන්ධ විශේෂඥයින් යොදා ගන්නා ලදී. මෙම ගුවන් විදුලි වැඩසටහන වසර දහනවයකට වැඩි කාලයක් පැවති අතර, 2004 වසරේ සිට 2017 වසරේ අවසන් වැඩසටහන විකාශය වන තෙක් UCSC මගින් ඒ සඳහා අනුග්‍රහය දැක්වීය. තීක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන තාක්ෂණික නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා ආරම්භයේ සිටම ඉහත පුරෝගාමී ගුවන් විදුලි වැඩසටහන සඳහා සම්පත් දායකයෙකු ලෙස සහභාගී විය. වර්තමානයේදී හර්ෂ විජයවර්ධන මහතා දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය විසින් 2019 වසරේ දී සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමඟ එක්ව ගුවන් විදුලි වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන “Smart World” ලෙස හැඳින්වූ අතර එය සෑම මසකට වරක්ම ප්‍රචාරය විය. මෙම වැඩසටහන ලංකා වසම් අධිකාරියේ අනුග්‍රහය යටතේ තීක්ෂණ R & D ආයතනය විසින් සිදු කරන ලදී. Covid-19 වසංගතය හේතුවෙන්, දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයට මෙම වැඩසටහන නිතිපතා කරගෙන යාමට නොහැකි විය. පහත දැක්වෙන්නේ සිංහල යුනිකේත පිළිබඳව නිෂ්පාදනය කරන ලද ගුවන් විදුලි වැඩසටහන් කිහිපයකි. දැනට තීක්ෂණ R & D ආයතනය Youtube සහ Facebook වැනි සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙවැනි වැඩසටහන් පවත්වනු ලබයි.

Smart World - සිංහල යුනිකේත පිළිබඳ ගුවන්විදුලි වැඩසටහන - 01
Smart World - සිංහල යුනිකේත පිළිබඳ ගුවන්විදුලි වැඩසටහන - 02
Smart World - සිංහල යුනිකේත පිළිබඳ ගුවන්විදුලි වැඩසටහන - 03
Reach Us On
- Location – 30/64, Malalasekera Mw, Colombo 007.
- Hot Line – +94-117-024-957
- Email Us – info@helpcentre.lk
Latest Posts
-
20 Sep 2025Linguistic Zero by Harsha Wijayawardhana Journey through time Searching for the Zero (Contd.) By Harsha Wijayawardhana (BSc./CITP/FBCS) COO / CTO Theekshana R&D Chair, Local Language Working Group (LLWG) of ICTA An Internet and Sinhala Unicode Pioneer
-
12 Sep 2025The recent work on Internationalized Domain Names (IDNs)in South and East Asian Scripts and especially in Sinhala
-
02 Sep 2025Presentation on Indian Brahmi Numerals (Journey through time Searching for the Zero (Contd.)) By Harsha Wijayawardhana (BSc., CITP, FBCS) COO / CTO Theekshana R&D Chair, Local Language Working Group (LLWG) of ICTA An Internet and Sinhala Unicode Pioneer
-
21 Aug 2025Brahmi and Pocket Watch Explanation by Harsha Wijayawardhana